Sri Lanka National Flag

මුල් ජාතික ගීය

1911

1911 ජනවාරි 13 වනදා කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශයේ, වටරැක ලියන්වල නම් ග්‍රාමයේදී එගොඩහගේ ජෝර්ජ් විලෆ්‍රඩ් අල්විස් සමරකෝන් යනුවෙන් උප්පත්තිය ලැබූ ඔහුගේ ජාතිය සිංහල වන අතර ආගම ක්‍රිස්තියානි ධර්මය විය. එවකට ඔහුගේ පියා වන සැමුවෙල් සමරකෝන් එවකට යුරෝපීයන් සතුව පැවති මතුරට සමූහ ව්‍යාපාර අනුබද්ධ වග වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් කටයුතු කල අතර මව නුගේගොඩ නාවල ප්‍රදේශයෙහි පදිංචි ඩොමින්ගා පීරිස් නම් විය. ඔහු පිරිමි ළමුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වන අතර සැම්සන් සහ සිරිල් වැඩිමල් සහෝදරයන්ද බර්ටි බලයා ද විය.

Date to be entered

ඔහු ප්‍රථම වරට පිළියන්දල වෑවල ගම්මානයේ පිහිටි රජයේ පාසල වෙත අකුරු කිරීමට ගියේ තම සීයගෙ නිවසේ සිටය. ඔහු පළමුවරට ගීයක් ලියා ගැයුවේ එහිදීය. ඉතා අප්‍රිය වූ ගණිත පාඩම වේලාවේ පාසල අසල පිහිටි වේරහැර ගඟ සිහිකරමින් ගීතයක් ලියූ ඔහු ගුරුවරයාගේ දෝෂාරෝපණයට ලක්විය, ඒ මොහොතේ ගුරුවරයාගේ දඬුවම වූයේ ඔහු විසින් ලියන ලද ගීතය ගායනා කරන ලෙසයි, ගීතය ගායනා කිරීමෙන් ගුරුවරයාගේ කෝපය දුරු කිරීමට සමත් වූ ඔහු එතැන් පටන් ලපටි නිබන්ධකයකු හා ගායකයෙකු වශයෙන් දරු දැරියන් අතරේ ජනප්‍රිය විය. ඒ ඔහුගේ කලාවට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාවයි.

1919

වයස අවුරුදු අටේදී වෑවල රජයේ පාසලෙන් අස්වී නුගේගොඩ කන්දෙවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මවගේ පාරම්පරික නිවසෙහි පදිංචියට පැමිණි ඔහු එංගලන්ත සභාවේ මිෂනාරිවරුන් විසින් ශ්‍රීලංකාවේ පිහිටුවන ලද ප්‍රථම පාසල් දෙකෙන් එකක් වන කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට 1919 දී ඇතුළත් වූ අතර 1925 දක්වා ඉගෙන ගන්නා ලදී. ඔහු දෙවන වරට ගීතයක් ලියුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ ගීත තරගයක් සඳහා වන අතර එය ඔහුගේ මවගේ ආරාධනයෙන් සිදුවිය. එම ගීතය පසු කලෙක කුමුදුනී නම් ගීත සංග්‍රහයෙහි පලකරන ලදී.

1929

කක්‍රිස්තු වර්ෂ 1929 මාර්තු මාසයේදී කොළඹ පවත්වන ලද ඊ.ඇස්.ඇල්.සි ( English school leaving certificate ) ව්භාගයට පෙනී සිටි ඔහු ලිවීම, අංක ගණිතය, ඉංග්‍රීසි යන අනිවාර්ය ව්ෂයන් සමග භූගෝල විද්‍යාව සහ චිත්‍ර කර්මය යන උභය විෂයන්ගෙන් ප්‍රථම පංති සාමර්ථ්‍යයක් ලැබීය. 1929 ජූලි 1 දා මෙහි සහතිකය නිකුත් කර ඇත.

1934

අවුරුදු 23ක් වූ ඔහු 1934 දී කෝට්ටේ ‍ ක්‍රිස්තියානි විද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩලයට බැඳුනේ චිත්‍ර සහ සංගීත ගුරුවරයෙකු වශයෙනි.

1936

ඔහුගේ මව ඉගැන්වූ පාසලේ ශිෂ්‍යාවක වන පන්නිපිටියේ චන්ද්‍රා සෙනෙවිරත්න සමඟ විවාහ වූ ඔහු ඊට දින කීපයකට පසුව ඇය සමඟ තාගෝර් කලා සම්ප්‍රදාය සොයමින් තාගෝර් ගුරුකුලය බලා ඔහු ඉන්දියාවට ගියේය. ඔහු ශාන්ති නිකේතනයේදී නන්දලාල් බෝස් යටතේ චිත්‍ර ශිල්පය ද ශාන්තී දෙව් ඝෝෂ් යටතේ සංගීතය ද හදාරා ඇත.

1937

තුන් අවුරුදු පාඨමාලාවක් සඳහා විදේශගත වූ ඔහු හය මසකට නොවැඩි කාලයක් පාඨමාලාව හදාරා ඒය සම්පූර්ණ නොකරම ලංකාව බලා පැමිණියේ, උප්පැන්න සහතිකයේ නාමය වෙනුවට ආනන්ද සමරකෝන් යන නාමයද බුදුදහමද වැළඳගෙනය.

1939

1939 දී “හිස් මාස්ටර් වොයිස්” තැටි ලේබලය වෙනුවෙන් කාගිල්ස් සාප්පුව නිෂ්පාදනය කළ සිංහල ග්‍රැමෆෝන් තැටි සඳහා ඇරයුම් ලැබූ ගායක ගායිකාවන් අතරින් එක් අයකු වීමට භාග්‍යය ලැබූ ඔහුට ඔහුගේ ප්‍රථම ගීතය තැටි ගත කිරීමේ භාග්‍ය ද උදාවිය . 1939 දී ආනන්ද සමරකෝන් විසින් ඉන්දීය ජාතික ගීයෙහි තනුව අනුව රචනා කොට එච්. එම්. වි. තැටියකට නගන ලද “ජන සැම මන අධිපතියෙනි” ගීතය ද ඒ කාලයේදී ජාතික ගීයක් වශයෙන් භාවිතා වූ බව පෙනේ.

1940

ආන්න්ද සමරකෝන්ගේ මිත්‍රයකු වන ජොර්ජ් ද සීල්වා ගේ නිවසට ට යන එන අවස්තාවේ ඇති වු හිතවත් කම මත ඔහුගේ නැගනියක වන ඉලේන් ද සිල්වා සමඟ ගීත පුහුණු වීම් කරන ලදී. එම අවස්තාවේ ඇගේ වැඩීමල් සයොරිය වන කරලැයින් ද සිල්වා සමඟ ඇති වු ප්‍රේම සම්බන්ධතාවය ක් හේතුවෙන් විවාහ විය. ඇය බෞද්ධ බටහිර පෙනුම ට හුරු අයෙකි.“ පුංචි සුද්‍රා සුදු කැටියා” ගීය ඇය වෙනුවෙන් ලියන ලද ගීයක් ලෙස සඳහන්වේ. මෙම දශකය ඔහු සංගීතඥයකු වශයෙන් ද චිත්‍ර ශිල්පියෙකු වශයෙන්ද විශිෂ්ටත්වයට පත් අවධියකි. “එන්ඩද මැණිකේ මමත් දියඹට”, “ඇසේ මධූර ජීවනයේ ගීතා”,” බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ”,“රම්‍ය නගරෙ අනූරාධපූරේ”, “ඉන්දිය සාගරයේ”, සිරි සරැ සාර කෙතේ”, “විලේ මලක් පිපිලා කදිමයි”, “ පොඩි මල් එතනෝ”, “පුංචි සුද්‍රා සුදු කැටියා” වැනි විශිෂ්ට ගණයේ ගී රැසක් මේ කාලයේදී ඔහු විසින් ලියා ගායනා කරන ලදී. ඉහත ගී මගීන් ගීතයෙහි සමස්ත සාහිත්‍ය මාර්ගය ද සංගීත මාර්ගය ද ඔහු විසින් වෙනස් කරන ලදී. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම වාග්ගේයකාරයා ද වන්නේය . මන්ද, අන්‍යතරයකුගේ එක ද පද රචනයක් හෝ නො ගයා ස්වකීය පද රචනා, ස්වකීය ස්වර සංරචනා හා මුසු කොට ගැයු එකම පුද්ගලයා ඔහු වන බැවිනි. තවද ඔහු අන්‍යතරයන් සඳහා ද ගී පද රචනා සහ ස්වර සංරචනා සම්පාදනය කළේය. අමරදේව , සුර්ය සංකර් මොල්ලිගොඩ , ස්වර්ණමන්ත්‍රී, චිත්‍රලේඛා, මුත්තුචින්නප්පා ඉන් කිහිප දෙනෙකි. ගුවන් විදුලියෙහි ජන්ප්‍රිය ගායකයකු වන ඔහු එහි “ විවිධ පප්‍රසංග “ ( සරල ගී) සදහා “ සුමනෝ පොඩි සුමොනෝ”, ප්‍රීතිමත් නව වසරක් වේවා”, නිල්වලා ගඟේ” ආදී ගීත නිර්මාණය කොට ගයනා කරන ලදී.

1944

ප්චිත්‍රසේන විසින් නිෂ්පාදනය කරන ලද විදුර මුද්‍රා නාටකයෙහි ගීත රචනා කරන ලදී.

1946

මේ කාලයේදී ඔහුගේ “නමෝ නමෝ මාතා” එච්. එම්. වි. මුද්‍රාව යටතේ ග්‍රැමෆෝන් තැටියක් වශයෙන් නිකුත් විය, එයද ඒ කාලයේදීඒ ජාතික ගීයක් ලෙස භාවිතා කරන ලදී.

1948

ඔහුගේ දෙවන විවාහයේ වසර 5 ක් වයසැති රංජිත් අරුණ දීප නම් පුතු රෝගීව මිය යාම හේතුවෙන් කම්පාවට පත් වී “නිවී පහන නිවී ගියා” ගීතය රචනා කොට ශ්‍රී ලංකාව හැර දමා 1948 දී ඉන්දියාව බලා ගියේය. චිත්‍ර ප්‍රදර්ශන පවත්වමින් විදේශ සංචාර වල නියැලුණු ඔහු විදේශීය යන්ගේ නොමද කීර්තියට පාත්‍ර විය. 1948 ජනවාරි 31 වනදා පැවති ජාතික ගී තරගය සඳහා “නමෝ නමෝ මාතා” ගීතය ආනන්ද සමරකෝන් ගේ බිරිය වන කරලැයින් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලදී.

1949

1949 පැවැත්වුණු දෙවන නිදහස් උළෙලේදී “නමෝ නමෝ මාතා” ජාතික ගීය වශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේ ගායිකා කණ්ඩායම විසින් ගායනා කරනු ලැබීය.

1951

ඔහු ඉන්දියා යන්නට පෙරාතුව ලියා ගායනය කළ දේශාභිමාන ගී අතරින් “නමෝ නමෝ මාතා” ගීතය පොදු ජනයා අතර ජනප්‍රිය වූ අතර එම ගීතය 1951 නොවැම්බර් 22 දින ශ්‍රීලංකාවේ ජාතික ගීතය විය යුතුයැයි කැබිනට් මණ්ඩලය තීරණය කළාය. මේ කාලයේදී ප්‍රශ්න රැසකට මුහුණපෑමට සිදු විය. ඡාතික ගීය වෙනුවෙන් රජය පිරිනමන්නට තිරණය කළ රුපියල් 2500 ලබාගැනීම සඳහා ජාතික ගීය සහිත කුමුදුනී පොතෙහි ප්‍රකාශකයා සමග තරග කිරීමට සිදුවිය. 1951 දී කොළඹ කලා භවනේදී දේශීය චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

1952

“කොළඹ ක්‍රමය “නමැති ප්‍රදර්ශනය වෙනුවෙන් පැවැත්වුණු පෝස්ටර් තරඟයෙහි ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයේ එළිමහන් රංගපීඨය විවෘත කිරීම නිමිතිකොට ගෙන නිෂ්පාදිත චණ්ඩාලිකා මුද්‍රා නාටකයෙහි ගීත රචනා කරන ලදී. 1952 මාර්තු දොළොස් වැනි දා “නමෝ නමෝ මාතා” ජාතික ගීයේ විය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කළ බව, පුවත්පත් නිවේදනය රජය විසින් නිකුත් කරන්නට යෙදුණි.

1953

සිනමාස්ගේ සූජාතා චිත්‍රපටයෙන් චිත්‍රපට ගීත රචනයට ප්‍රවිෂ්ට විය.

1954

දෙසැම්බර් පලවනදා සිනමා සමාගමේ දෙබස් හා ගීත රචකයා වශයෙන් බඳවා ගන්නා ලදි.

1955

සැඩ සුළං චිත්‍රපටයේ ගීත රචනා කරන ලදී.

1956

“දුප්පතාගේ දුක “ චිත්‍රපට්යේ ගීත රචනා කරන ලදී. මාර්තු මාසයේ දී සීමාසහිත ලේක්හවුස් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි රඟ මඬල පිටුව මගින් සංවිධානය කළ දිනමිණ චිත්‍රපට තරඟයේ දී පප්‍රියතම ගීතය ලෙස “සුජාතා “ චිත්‍රපටයේ “මනරංජන දර්ශනීය ලංකා” ගීතය පාඨකයන් විසින් තෝරා ගන්නා ලදී. එහි තනුවද ඔහු විසින්ම නිර්මාණය කරන ලද්දක් විය. මෙම තරගය සඳහා “කඩවුණු පොරොන්දුව” සිට “මාතලන්” දක්වා චිත්‍රපට තිස් එකක් තරග වැදුණු අතර “සුජාතා” චිත්‍රපටයේ “මනරංජන දර්ශනීය ලංකා “ ගීතය සඳහා චන්ද 81,090 ද දෙවන ස්ථානය දිනා ගත් “කැලෑහඳේ “ “මායා මායා” ගීතය සඳහා චන්ද 12,988 ද තෙවන ස්ථානය දිනාගත් “මැවිලා පෙනේවි රූපේ” ගීතය සඳහා චන්ද 6,192 ද ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ඔහු ලබා ගත්තේ ය. මේ ජයග්‍රහණය සඳහා සීමාසහිත ඉම්පෝටර්ස් ඇන්ඩ් එක්ස්පෝර්ටර්ස් සමාගමෙන් ෆයිල් කැබිනට්ටුවක් ත්‍යාගයක් වශයෙන් ලැබිණි.

1957

“සූරසේන” චිත්‍රපටයේ ගීත රචනා කරන ලදී, තවද එහිම දෙබස් රචකයා වශයෙන් ද කටයුතු කරන ලදී. ඔහු විසින් “අමරණීය ලංකා” නමින් අංක 13 කින් යුක්ත කෘතිය හා සංගීත සන්දර්ශනයක් පවත්වන ලදී. අමරණීය ලංකා, සූර්යෝදය, සුමනා, ගොයම් කෙත, සිරිමලියා, බලි යාගය, අක්කේ අක්කේ අර බලන්නකෝ, කරුණාවයි කරුණාවයි, ගල සහ වළාකුල, පොඩි මල් එතනා, මහදැනමුත්තා, සංසාරය, නිදහසේ සුරම්‍ය ගීත යන අංක ඊට ඇතුළත් විය. එම අවුරුද්දේ ම ලංකා කලා මණ්ඩලයේ කලා සහකාර තනතුරට තෝරා ගන්නා ලදී. 1957 කොළඹ කලාභවනේදී දේශිය චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලදී. වරෙක “පොඩි මල් එතනෝ” ගීතයට රුක්මණී දේවි එතන ලෙස රඟපාන අවස්ථාවේ ටිකිරා ලෙස රඟපෑමට ඔහුට අවස්ථාව ලැබිණි.

1959

ජුනි 30 කලා සහකාර තනතුර සේවය අත්හිටුවා ඇති බව සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දන්වන ලදී. තවද ජුනි මාසයේ සිට ගුවන්විදුලි වැඩසටහන් ද කපා හැර ඇත. ඔහු රත්මලානේ ගාලුපාරේ අංක 357 දරන තැන “කලා සෙවණ “නමින් කලායතනයක් පවත්වාගෙන ගියේය. ගුවන්විදුලි ස්වදේශි සේවය, ගීතමය නව නිෂ්පාදන නමින් සංගීත වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළේය.

1960

අධ්‍යාපන සේවය ඔස්සේ “ගීයෙන් කථාන්තර” නැමැති ළමා වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළේය.

1961

“වැදි බිම” චිත්‍රපටයේ ගීත රචනා කරන ලදී. “කලා සෙවන” වැල්ලම්පිටියේ, කොලොන්නාවේ, සාලමුල්ල, අංක 58 දරන ස්ථානයට ගෙන යන ලදී. මැයි 7දා තාගෝර් ශත සංවත්සරය නිමිත්තෙන් “පහන” මුද්‍රා නාටකයත් “රන් එතනා” ගීත නාටකයක් ඔහු විසින් නිෂ්පාදනය කරන ලදුව හැව්ලොක් ටවුමේ රඟහලේ දී වේදිකා ගත කරන ලදී. “ගල සහ වළාකුළු” නැමැති රසාංගයක් ද මීට ඇතුලත් විය. ඔක්තොම්බර් පළවනදා සිට 6 වනදා දක්වා ලංකා කලා මණ්ඩලය මගින් හැව්ලොක් ටවුමේ දී පවත්වන්නට යෙදුනු මුද්‍රා නාට්‍ය උළෙලට ද “පහන සහ රන් එතනා” ඉදිරිපත් කරන ලදී.

1962

කොළඹ කලාභවනේ දී දේශීය චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලදී. මාර්තු 3 දා ඩබ්ලිව් සේනානායක මහතා වෙත ලියු ලිපියකින් ඔහු කියා සිටියේ ඩී. ඇස්. සේනානායක මහතාගේ රජය විසින් තෝරා ගන්නා ලද ජාතික ගීයේ මුල්පදය සිරිමා බණ්ඩාරනායක රජය විසින් වෙනස් කරනු ලැබීම එහි ගෙල සිඳ දැමීමක් බවයි. මෙයින් මා තුළ හටගෙන ඇති බලවත් චිත්ත වේදනාව කවදා මුත් කෙලවර වන්නේ මාගේ මරණයෙන් පමණක් බව දනිමි. මෙවැනි අපරාධ කෙරෙන සිත් පිත් නැති රජයක් යටතේ තවදුරටත් දිවි ගෙවන වට වඩා මෙම මොහොතේ මිය යම සැපතක් ලෙසයි. අප්‍රේල් 2 දා සොයුරන් සමග සිය මවගේ ජන්ම දින උළෙලට සහභාගි වූ ඔහු එදින රාත්‍රියේ නුගේගොඩ පාගොඩ පාරේ “මාලතී” තම සිය නිවසට පැමිණ ඔහු නිදා ගත්තද පසුදා අවදි වූයේ නැත. යාබද කාමරයේ නිදා හුන් කරලැයින් සමරකෝන් විසින් සොයුරු බර්ටි සමරකෝන් කැඳවන ලදුව කාමරයෙහි දොර කඩා බලන විට දුටුවේ නිද්‍රොපගතව සිට් ආනන්ද සමරකෝනුන්, මද්‍යසාර බඳුනත්, සිගරට් කොටයත්, නිදි පෙති කුප්පියක් ද ඒ අසල විය. මීට පෙර ද දෙවතාවක්ම නිදි පෙති වැඩිපුර ගැනීම නිසා රොහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු වරෙක දින හතරක් සිහිසුන්ව ද සිටියේය. 1962 අප්‍රේල් 3 දා 12.10 ට කොළඹ මහ රෝහලේ අංක 23 දරණ වාට්ටුවට ඇතුළත් කරනු ලැබූ ඔහු 1962 අප්‍රේල් 5දා සවස 6.15 ට මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 51 කි. නිදි පෙති 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ගැනීම මරණයට හේතු වූ බව දොස්තර ඇම්. මනෝහරන් විසින් පෙන්වා දුන් අතර මෙය සියදිවි හානි කරගැනීමක් නොව අත්වැරදීමකින් සිදු වූ මරණයක් බව නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. ඇන්. සී. තිරැචෙල්වම් විසින් තීන්දු කරන ලදී. ඔහුගේ දේහය කොළඹ කලා භවනේදී තැන්පත් කළ අතර එය කලාකරුවකුගේ දේහයක් කලා භවනේ තැන්පත් කළ ප්‍රථම අවස්ථාව ද විය. 1962 අප්‍රේල් 8 දා බොරැල්ල කනත්තේ පැවති අවමගුල් උළෙල, ජාතික කලා පෙරමුණේ සභාපති මාපලගම විපුලසාර හිමියන් සහ සමස්ත ලංකා චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ සභාපති හෙන්රි ධර්මසේන යන අය විසින් මෙහෙයවන ලදී. මහාචාර්ය පඤ්ඤාකිත්ති සහ මාපලගම විපුලසාර යන නාහිමිවරුන්ගේ අනුශාසනා වලින් අනතුරුව රජය විසින් සංස්කෘතික ඇමති ඩබ්ලිව්. එස්. කරුණාරත්න චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් හෙන්රි ධර්මසේන ද සංගීතඥයන් වෙනුවෙන් ලයනල් එදිරිසිංහ ද කතා කළේය.