Sri Lanka National Flag

මුල් ජාතික ගීය

ආනන්ද සමරකෝන් පිළිරුවක් සහ මාවතක්

ආනන්ද සමරකෝන් සූරින්ගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් නිර්මාණය කිරීමට ආනන්ද සමරකෝන් පදනම වෙත එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මැතිතුමා ගේ අදහසක් තිබෙන බව පදනම වෙත 2018 ජූලි මස 23 වැනිදා දැනුම් දුන් අතර එතුමා සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව තුන්මුල්ල මංසන්ධියේ එම පිළිරුව ඉදි කිරීමට තිරණය විය. ඒ අනුව මූලික කටයුතුවලින් පසු එම පිළිරුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් අතින් පැපිළියාන සුනේත්‍රාදේවි පිරිවෙණේ දී දැන් ඉදිවෙමින් පවතී. ආනන්ද විද්‍යාලයේ චිත්‍ර හා මූර්ති ආචාර්යවරයා වන විශ්ව යසසිරි මහතාගේ මෙහෙයවීම යටතේ දැනට මෙහි කටයුතු නිම වේ. නුදුරේ දී ම මෙම පිළිරුව ජනතාව සතු කිරීම අප පදනමේ බලාපොරොත්තුවයි. මීට අමතරව කොළඹ නගර සභාව ඇතුළත ප්‍රධාන පාරක් ආනන්ද සමරකෝන් නමින් නම් කිරීමට හිටපු ආණ්ඩුකාරතුමා යෝජනා කර තිබිණි. එය ද යථා කාලයේ දී ක්‍රියාත්මක වනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.

රට දැය වෙනුවෙන් සිය සංගීත ජීවිතය කැප කළ මහා සංගීතඥයා ආනන්ද සමරකෝන් සම්භාවනාවට සජ්ඣායනා